Friday 28 September 2018

වසර 15කට පසු මහ බැංකු නිළධාරීන් විරෝධතා.. මහ බැංකුව නිල නොලත් අධිපතිවරයෙකු යටතට..?


මහ බැංකුව තුල ඉහල කළමනාකාරිත්වයට පමණක් සාධාරණයක් සිදුවන පරිදි සිදුකරගනු ලැබූ වැටුප් වැඩිවීමට එරෙහිව පසුගියදා වෘත්තිය සමිති 4ක් විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන ලදී.
එය අධිපතිවරයාගේ ලිඛිත පොරොන්දුවක් මත ඊයේ දිනයේ අවසන් කෙරුණි.
එය දැඩි විනයකින් යුක්තව හා වෘත්තීය භාවයකින් පවත්වාගෙන යන්නට එම නිලධාරින් සියලු දෙනා කටයුතු කර තිබු බව වෘත්තීය සමිති කියයි.
එහෙත් ඉහල නිලධාරීන්ගෙන් සමන්විත වෘත්තිය සමිති දෙකක් සිය යටතට ගෙන නිළ බලය යොදාගෙන තමනට අවැසි සියලු දේ ඔවුන් ලවා ඉටුකරගැනීමට එක්තරා ඉහල නිලධාරියෙකු කටයුතු කර තිබු බවත් ඔහු නිල නොලත් අධිපතිවරයෙකු ලෙස සිතා ගනිමින් ස්වකීය අණට අවනත නොවන නිලධාරින්ගෙන් දැඩි ලෙස පලිගනිමින් සිටින බවත් වෘත්තීය සංගම් චෝදනා කරයි.
මෙම වැටුප් ගැටලුවත් ඔහුට අවශ්‍ය ලෙස හසුරවනු ලැබ තිබු අතර අධිපතිවරයා ද ඇතුළුව මුදල් මණ්ඩලයද නොමග යවමින් ඔහුගේ උවමනාව වී ඇත්තේ පහල සේවකයන්ගේ අරගලය හරහා මහා බැංකු අධිපතිවරයාව අපහසුතාවයට පත්කොට එමගින් ඔහුගේ මාවත එළිපෙහෙළි කරගැනීම බවත් එය තේරුම් ගත් සේවකයන් මනා හික්මීමකින් යුතුව ගැටලුව නිරාකරණය කරගන්නට ගත් ක්‍රියාමාර්ගය මහ බැංකුවේ සියලු දෙනාගේ පැසසුමට බදුන් වී ඇති බවත් ඔවුන් වැඩි දුරටත් කියා සිටී.
මහ බැංකු නිලධාරීන් මෙසේ විරෝධතාවකට එක්වූයේ වසර 15කට පමණ පසු බවද වැඩි දුරටත් වාර්තා වෙයි.
Share:

මහ බැංකුව සියළු බැංකුවලට මුදල් සීමා පනවයි.. ආර්ථිකය තවත් හිරවේ..

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මහ බැංකුව විසින් මෙරට වාණිජ බැංකුවල තබා ගැනීමට හැකිව තිබූ විදේශ විනිමය ප‍්‍රමාණයන් සීමා කර තිබේ.
නව රෙගුලාසි අනුව වාණිජ බැංකුවල සීමාව ඉක්මවා ඇමරිකා ඩොලර් ඇතුළු විදේශ විනිමය තබා ගැනීම තහනම්ය.
මහ බැංකු ආරංචි මාර්ග පවසන්නේ බැංකුවෙන් බැංකුවට එම සීමාවන් වෙනස් වන බවයි.
මහ බැංකුව විසින් මේ බව දන්වමින් චක්‍රලේඛයක්‌ සියලු වාණිජ බැංකුවලට දැනටමත් යවා තිබේ.
මෙමගින් මහ බැංකුව බලාපොරොත්තු වන්නේ වාණිජ බැංකුවල ඇති අතිරේක ඇමරිකානු ඩොලර් වෙළෙඳ පොළට කැදවීමයි.
Share:

ක‍්‍රිකට් මඩවල තවත් කැලතෙයි.. මැතිවුස්ට විරුද්දව හතුරුසිංහ මාධ්‍ය කැදවා මඩ ගසයි..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වූ ඇන්ජලෝ මැතිවුස් විසින් තබා විශේෂ ඇති ලෝක වාර්තාවක් ගැන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ හෙලි කර ඇත.
හතුරුසිංහ විසින් මෙම හෙලිදරවු කිරීම කරන ලද්දේ ඊයේ දිනයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ තිබූ මාධ්‍ය හමුවේදීය
දුවද්දී දැවී යාම් 64ක් සදහා මැතිවුස් දායක වී ඇති බවත් ඉන් 49 කදීම දැවී ගොස් ඇත්තේ අනිත් අන්තයේ ක්‍රීඩකයා බවත් එය ලෝක වාර්තාවක් හතුරුසිංහ විසින් හෙලි කලේය.
මැතිවුස්ගේ ශාරීරික යෝග්‍යතාවය ගැනද දැඩි චෝදනා එල්ල වූ එම මාධ්‍ය හමුවේදී හතුරුසිංහ තව දුරටත් මැතිවුස් නැවතත් හැකියාවන් සහිතව ගෙන ඒමට තමනට උවමනා බවයි.
Share:

විදේශිකයෝ සතියක් තුළ දී බිලියන 8.8 ක බැඳුම්කර ආයෝජන ඉවත් කර ගනී..- මහ බැංකු වාර්තාව කියයි..

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තාවලට අනුව 2018 සැප්තැම්බර් 12 සිට සැප්තැම්බර් 19 දක්වා සතියක කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියනව 8.8 ක වටිනාකමකින් යුතු රජයේ සුරැකුම්පත්වල ආයෝජන ඉවත් කර ගැනීමට විදේශීය ආයෝජකයින් පියවර ගෙන තිබේ.
මෙහිදී 2018 සැප්තැම්බර් 12 වන දින පැවති රජයේ සුරැකුම්පත් ආයෝජනවල විදෙස් හිමිකාරීත්වය රුපියල් බිලියන 268.438 ක් ලෙසින් සටහන් වන අතර එය සැප්තැම්බර් 19 දින වන විට රුපියල් බිලියන 259.626 ක් දක්වා අඩු වී ඇත.
මේ අතර සමස්ත දත්ත පිරික්සීමේ දී 2014 දෙසැම්බර් මාසයේ සිට වසර තුනහමාරක කාලපරිච්ඡේදයක් තුළ දී රුපියල් බිලියන 193.81 ක ආයෝජන, රජයේ සුරැකුම්පත්වලින් ඉවත් කර ගැනීමට විදෙස් ආයෝජකයින් පියවර ගෙන තිබේ.
-biz.adaderana.lk
Share:

කොටි සංවිධානයට විරෝධය පා යාපනයේදී තනිවම විරෝධතාවයක..

පසුගිය තස් වසරක යුද ඉතිහාසය පුරාවට එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ලංකාවේ සාමාන්‍ය වැසියන් සමූල ඝාතනයක් කල හෙයින් එම සංවිධානයට වර්ථමානයේ සහය දක්වන්නන්ට දැඩි විරෝධය පාමින් පුද්ගලයෙකු විසින් ඊයේ (27) දින යාපනය පොලීසිය ඉදිරිපිටදී නිහඩ විරෝධතාවයක නිරත විය.
ඩිමන් ආනන්ද නැමති පුද්ගලයෙකු නුවර ප්‍රදේශයේ සිට යාපනය නගරයට පැමිණ මෙම විරෝධය සිදු කළ අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් සාමාන්‍ය වැසියන් ඝාතනය කල ඡායාරූප ඇතුලත් බැනරයක්ද පදර්ශනය කරමින් මෙම විරෝධතාවය සිදු කළේය.
විරෝධතාවයේ යෙදුනු මෙම පුද්ගලයා කියා සිටියේ අද වන විට කොට සංවිධානයට විවිධ වූ අර්ථකතනයන් දෙමින් එම සංවිධානය නිවරදි කිරීමට උත්සහ දරන බවටත් එය ජාත්‍යන්තර වශයෙන්ද සිදු කෙරෙන හෙයින් එයට දැඩි විරෝධය පා සිටින අතරම කොටි සංවිධානය උතුරු නැගෙනහිර සේම ලංකාව පුරාම සිටි සාමාන්‍ය වැසියනද ඉතා ම්ලේච්ච අයුරින් මරා දැමූ හෙයින් එම ක්‍රියාවන් වෙනුවෙන් ලෝකයම විරෝධය පා යුතු බවටත් එවැනි ත්‍රස්ත ක්‍රියාකාරම් ලොවට හෙලි කිරීමට තමන් වැනි සාමාන්‍ය වැසියන් ජිනීවා මානව හිමිකම් කොමිෂමටද ඉදිරිපත් විය යුතු බවටත්ය.
Share:

Followers