Friday 28 September 2018

විදේශිකයෝ සතියක් තුළ දී බිලියන 8.8 ක බැඳුම්කර ආයෝජන ඉවත් කර ගනී..- මහ බැංකු වාර්තාව කියයි..

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තාවලට අනුව 2018 සැප්තැම්බර් 12 සිට සැප්තැම්බර් 19 දක්වා සතියක කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියනව 8.8 ක වටිනාකමකින් යුතු රජයේ සුරැකුම්පත්වල ආයෝජන ඉවත් කර ගැනීමට විදේශීය ආයෝජකයින් පියවර ගෙන තිබේ.
මෙහිදී 2018 සැප්තැම්බර් 12 වන දින පැවති රජයේ සුරැකුම්පත් ආයෝජනවල විදෙස් හිමිකාරීත්වය රුපියල් බිලියන 268.438 ක් ලෙසින් සටහන් වන අතර එය සැප්තැම්බර් 19 දින වන විට රුපියල් බිලියන 259.626 ක් දක්වා අඩු වී ඇත.
මේ අතර සමස්ත දත්ත පිරික්සීමේ දී 2014 දෙසැම්බර් මාසයේ සිට වසර තුනහමාරක කාලපරිච්ඡේදයක් තුළ දී රුපියල් බිලියන 193.81 ක ආයෝජන, රජයේ සුරැකුම්පත්වලින් ඉවත් කර ගැනීමට විදෙස් ආයෝජකයින් පියවර ගෙන තිබේ.
-biz.adaderana.lk
Share:

0 comments:

Post a Comment

Followers