Friday 28 September 2018

වසර 15කට පසු මහ බැංකු නිළධාරීන් විරෝධතා.. මහ බැංකුව නිල නොලත් අධිපතිවරයෙකු යටතට..?


මහ බැංකුව තුල ඉහල කළමනාකාරිත්වයට පමණක් සාධාරණයක් සිදුවන පරිදි සිදුකරගනු ලැබූ වැටුප් වැඩිවීමට එරෙහිව පසුගියදා වෘත්තිය සමිති 4ක් විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන ලදී.
එය අධිපතිවරයාගේ ලිඛිත පොරොන්දුවක් මත ඊයේ දිනයේ අවසන් කෙරුණි.
එය දැඩි විනයකින් යුක්තව හා වෘත්තීය භාවයකින් පවත්වාගෙන යන්නට එම නිලධාරින් සියලු දෙනා කටයුතු කර තිබු බව වෘත්තීය සමිති කියයි.
එහෙත් ඉහල නිලධාරීන්ගෙන් සමන්විත වෘත්තිය සමිති දෙකක් සිය යටතට ගෙන නිළ බලය යොදාගෙන තමනට අවැසි සියලු දේ ඔවුන් ලවා ඉටුකරගැනීමට එක්තරා ඉහල නිලධාරියෙකු කටයුතු කර තිබු බවත් ඔහු නිල නොලත් අධිපතිවරයෙකු ලෙස සිතා ගනිමින් ස්වකීය අණට අවනත නොවන නිලධාරින්ගෙන් දැඩි ලෙස පලිගනිමින් සිටින බවත් වෘත්තීය සංගම් චෝදනා කරයි.
මෙම වැටුප් ගැටලුවත් ඔහුට අවශ්‍ය ලෙස හසුරවනු ලැබ තිබු අතර අධිපතිවරයා ද ඇතුළුව මුදල් මණ්ඩලයද නොමග යවමින් ඔහුගේ උවමනාව වී ඇත්තේ පහල සේවකයන්ගේ අරගලය හරහා මහා බැංකු අධිපතිවරයාව අපහසුතාවයට පත්කොට එමගින් ඔහුගේ මාවත එළිපෙහෙළි කරගැනීම බවත් එය තේරුම් ගත් සේවකයන් මනා හික්මීමකින් යුතුව ගැටලුව නිරාකරණය කරගන්නට ගත් ක්‍රියාමාර්ගය මහ බැංකුවේ සියලු දෙනාගේ පැසසුමට බදුන් වී ඇති බවත් ඔවුන් වැඩි දුරටත් කියා සිටී.
මහ බැංකු නිලධාරීන් මෙසේ විරෝධතාවකට එක්වූයේ වසර 15කට පමණ පසු බවද වැඩි දුරටත් වාර්තා වෙයි.
Share:

0 comments:

Post a Comment

Followers