Friday 28 September 2018

කොටි සංවිධානයට විරෝධය පා යාපනයේදී තනිවම විරෝධතාවයක..

පසුගිය තස් වසරක යුද ඉතිහාසය පුරාවට එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ලංකාවේ සාමාන්‍ය වැසියන් සමූල ඝාතනයක් කල හෙයින් එම සංවිධානයට වර්ථමානයේ සහය දක්වන්නන්ට දැඩි විරෝධය පාමින් පුද්ගලයෙකු විසින් ඊයේ (27) දින යාපනය පොලීසිය ඉදිරිපිටදී නිහඩ විරෝධතාවයක නිරත විය.
ඩිමන් ආනන්ද නැමති පුද්ගලයෙකු නුවර ප්‍රදේශයේ සිට යාපනය නගරයට පැමිණ මෙම විරෝධය සිදු කළ අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් සාමාන්‍ය වැසියන් ඝාතනය කල ඡායාරූප ඇතුලත් බැනරයක්ද පදර්ශනය කරමින් මෙම විරෝධතාවය සිදු කළේය.
විරෝධතාවයේ යෙදුනු මෙම පුද්ගලයා කියා සිටියේ අද වන විට කොට සංවිධානයට විවිධ වූ අර්ථකතනයන් දෙමින් එම සංවිධානය නිවරදි කිරීමට උත්සහ දරන බවටත් එය ජාත්‍යන්තර වශයෙන්ද සිදු කෙරෙන හෙයින් එයට දැඩි විරෝධය පා සිටින අතරම කොටි සංවිධානය උතුරු නැගෙනහිර සේම ලංකාව පුරාම සිටි සාමාන්‍ය වැසියනද ඉතා ම්ලේච්ච අයුරින් මරා දැමූ හෙයින් එම ක්‍රියාවන් වෙනුවෙන් ලෝකයම විරෝධය පා යුතු බවටත් එවැනි ත්‍රස්ත ක්‍රියාකාරම් ලොවට හෙලි කිරීමට තමන් වැනි සාමාන්‍ය වැසියන් ජිනීවා මානව හිමිකම් කොමිෂමටද ඉදිරිපත් විය යුතු බවටත්ය.
Share:

0 comments:

Post a Comment

Followers