Tuesday 20 November 2018

2030දී ගල් අඟුරු වෙනුවට ස්වාභාවික වායු


2030න් පසු වායු දූෂණය අවම කිරීමේ අරමුණෙන් ද්‍රවීකරණය කරන ලද ස්වභාවික වායු, යන්ත්‍ර සඳහා භාවිතයට ගැනෙනු ඇති බව අන්තර්ජාතික ශක්ති නියෝජිතායතනය අනුමාන කරනවා. ඒ අනුව දැනට ලෝකයේ බලශක්ති අතරින් දෙවැන්නට පත්ව සිටින ගල් අඟුරු අභිබවා එතැනට ස්වාභාවික වායූන් පත්වනු ඇති. ලෝක වායු අවශ්‍යතාවන් 2040 වන විට සියයට 1.6කින් ඉහළ යන අතර එය දැනට සාපේක්ෂව 45%ක් වෙනවා. විෂ වායු විමෝචනය වීම අවම කිරීම සහ ලෝක දේශගුණ වෙනස්වීම්වලට විසඳුමක්ව ශයෙන් ඇති කරනු ලබන නව ප්‍රතිපත්ති හරහා මෙය ලොව දැවැන්තයන් වන අමෙරිකාව, රුසියාව හා විශේෂයෙන් චීනය තුළ ඇති වනු ඇතැයි බලාපොරොත්තු වනවා. වාර්ෂිකව ලෝකයේ විදුලිබල අවශ්‍යතාව 2.1%ක් බැගින් වැඩිවීමත් සමඟ ඊට සාපේක්ෂව වායුගෝලයට ඇතිවන බලපෑම මේ නව බලශක්ති විකල්පය හරහා විසඳෙනු ඇති.
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive