Monday 19 November 2018

“මගේ ළඟ කවුරු හරි ඉන්න එපැයි”


ධනුක දිල්ෂාන් කියන්නේ පුංචි තිරයේ ඉන්න දගකාර චරිතයක්. ඔහු නිරන්තරයෙන්ම දකින්න ලැබුණු චරිතයක් නමුත් පසුගිය කාලය පුරාවටම ඔහුගේ දක්ෂතා දකින්න ලැබුනේ නැහැ. මේ ඔහු ගැනයි.

මම මෙහෙම කිව්වම කවුරු වුණත් විශ්වාස කරන එකක් නැහැ. පසුගිය සති කිහිපය තුළ මට ටෙලි නාට්‍යය 14කට විතර ආරාධනා ලැබුණා. ඒ හැම එකක්ම මම ප්‍රතික්ෂේප කළා. මම දැන් ටී.වී. ප්‍රෝග්‍රෑම්වලටවත් යන්නේ නැහැ. කටකතාවලට උත්තර දෙන්න යන්නෙත් නැහැ.

ඒ මොකෝ ධනුක…රූප පෙට්ටියත් එක්ක තරහා වෙලාද?

මම ටෙලිවිෂන් එකත් එක්ක තරහ වෙන්නේ කොහොමද? මම ක්‍ෂේත්‍රයට ආවේ ටෙලි නාට්‍ය හරහා. ඒත් නිතර ටී.වී. එකෙන් දකින එක සිනමා නළුවෙකුට උචිත නැහැ කියලා අද මම හිතනවා. ඒ හින්දයි මේ වගේ තීරණයක් ගත්තේ.


ඒ කියන්නේ ඔබ දැන් සිනමාවට විතරක් යොමුවෙලා?

මගේ චිත්‍රපට 4ක් ලබන අවුරුද්දේ තිරගත වීමට නියමිතයි. අලුත් චිත්‍රපට සඳහාත් ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් මම තීරණය කළා සිනමා නළුවකු විදියට හොඳ ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න.

ඒ කියන්නේ මින්පසු පුංචි තිරයට ඔබ එන්නේම නැහැ?

මෙගා ටෙලි නාට්‍යය හා මියුසික් වීඩියෝවලට නම් ආයේ කිසිමදාක සම්බන්ධ වෙන්නේ නැහැ. වසරකට එක ටෙලි නාට්‍යයක් විතර රඟපානවා. මේ දවස්වලත් මම මගේ අලුත්ම ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වල තමයි ඉන්නේ.

කලා ජීවිතේ මේ විදියට වෙනස් වෙද්දී පෞද්ගලික ජීවිතය වෙනස් කරන්න අදහසක් නැද්ද?

ඔය දෙකම පටලවාගෙන බැහැ. මුලින්ම කලා ජීවිතේ වෙනස් කරගෙන, ඊට පස්සේ පෞද්ගලික ජීවිතේ වෙනස් කරගන්නයි හදන්නේ.

තනිකඩව ඉන්නකොට කටකතා හැදෙනවා වැඩියි නේද?

කටකතා කියන්නේ කටකතා. මට පසුගිය කා‍ලේ තිබුණු කටකතා ඇත්ත නම් මම මේ වෙද්දී මේ විදියට තනියම ඉන්නේ නැහැනේ. එහෙනම් මගේ ළඟ කවුරු හරි ඉන්න එපැයි. කටකතා හින්දා මම විවාහ වෙන්නේ නැහැ. සුදුසු අවස්ථාව ආවම අම්මටයි, තාත්තටයි, නංගිටයි, මටයි ගැළපෙන හොඳ ගෑනු ළමයෙක් මුණගැහුණම ඊට පස්සේ මගේ විවාහයත් සිදුවේවි.

ඔය කියන්නේ පෙම්වතියක් නැහැ කියලනේ?

ඔව්… මට පෙම්වතියක් නැහැ. කවුරුහරි කියනවා නම් මට පෙම්වතියක් ඉන්නවා කියලා ඒ පෙම්වතියට කියන්න ඉස්සරහට ඇවිල්ලා ඇය මගේ පෙම්වතිය බව පවසන්න කියලා. එතකොට මුළු රටටම ඒ ගැන දැනගන්න පුළුවන්නේ.

– උපුටා ගැනීමකි.
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive