Monday 19 November 2018

කිඹුලාපිටියේ මිනිස්සු ජීවත් වෙන්න රතිඤ්ඤා හදන හැටි මෙන්න

අවුරුදු සමයේ වැඩියෙන්ම අලෙවිවන දෙයක් තමයි රතිඤ්ඤා මේ ගිනිකෙළි කර්මාන්තයට දිගු ඉතිහාසයක් අපේ රටේ නැතත් විවිධ ගිනිකෙළි වර්ග විදෙස් රටවලින් ලංකාවට ආනයනය කර ඇති බවටනම් තොරතුරු තිබෙනවා මේ ගිනිකෙළි ඉතිහාසය ගැන ඔබ දැනුවත්ද..? මේ ඒ කතාවයි

ගිනිකෙළි කර්මාන්තයට ප්‍රකට වූ චීන ජාතිකයන් පිරිසක් මෙයට වසර 80කට පමණ පෙර මීගමුවේ කිඹුලාපිටිය නම් ප්‍රදේශයේ ගම්වැසියන් පිරිසකට ගිනිකෙළි නිෂ්පාදනය උගන්වලා. පසුව ඒ ගම්වැසියසන් එම කටයුතු කර්මාන්තයක් වශයෙන් සිදුකරන්න පටන් අරන්.

දීර්ඝ කාලීනව පිය පුතු හා මුණුබුරු වශයෙන් එම ගිනිකෙළි කර්මාන්තය පරම්පරාවෙන් පරම්පරාවට සාර්ථකව පවත්වාගෙන පැමිණ ඇති අතර මේ වෙද්දි අපේ රටේ ගිනිකෙළි නිෂ්පාදනය වන එකම ප්‍රදේශය වන්නේ කිඹුලාපිටියයි. කිඹුලාපිටිය ගමේ 90කම වැසියන්ගේ ජීවන වෘත්තිය වන්නේ රතිඤ්ඤා නිපදවීමේ කර්මාන්තයයි.

මෙම ගමේ පවුල් ඒකක 10,000කටත් අධිකව මෙම කර්මාන්තයෙහි නිරත වී සිටිනවා. එක් පවුලක සාමාජිකයන් කිහිප දෙනකු බැගින් මෙම පිරිස 2,00,000 (ලක්ෂ දෙකක්) ඉක්මවා ඇතිි අතර කිඹුලාපිටිය ගමේ රතිඤ්ඤා කර්මාන්තයට වසර 80-90ක පමණ ඉතිහාසයක් ඇති බවයි තොරතුරු තිබෙන්නේ.

එසේම කිඹුලාපිටිය ප්‍රදේශයේ කුඩා ප්‍රමාණයේ ගිනිකෙළි කර්මාන්තශාලා මෙන්ම මහා පරිමාණ කර්මාන්තශාලාද ඇති බවයි වාර්තා වන්නේ. ඉතාමත් බියකරු අනතුරුදායක වෘත්තියක් වන ගිනිකෙළි නිෂ්පාදනය නිසා කිඹුලාපිටිය ග්‍රාමයේ ජීවිත පවා හානි වූ පිරිස අති විශාලය.

එමෙන්ම දෙනෙත් අන්ධවීම ශරීර ඉන්ද්‍රියන්ට හානිවීම ආදී සිදුවීම් ද රාශියක් වාර්තා වී ඇත. එකවර මරණ කිහිපයක් අනතුරු පවා වාර්තා විණි. එහෙත් කුමන බියකරු තත්ත්වයක් තිබුණ ද එම කර්මාන්තය කිසිදු විටෙක නොනැවතී ඉදිරියටම සිදුකරගෙන යාම විශේෂත්වයක්.



Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive