Thursday, 15 November 2018

දුරකතන ගාස්තු හිතුවෙවත් නැති විදියට ඉතිරි කරගන්න මේ දේවල් කරන්න..!


ඉතිරි කිරීම කියලා කියන්නෙ හොඳ පුරුද්දක්. ගොඩක් දෙනා මුදල් ඉතිරි කරන්න ලොකු උනන්දුවක් දැක්වුවත් එදිනෙදා ජීවිතයේ අපිට ඉතිරි ඉතිරි කරන්න ලැබෙන පුංචි පුංචි අවස්ථා ගොඩක් මඟහැරගන්නවා. ඒ නිසාම ඉතිරී කිරීමේ හොඳ පුරුද්ද ගැන වෙනස්ම විදියට හිතලා පුංචි තැනකින් පටන්ගෙන ඉතිරි කරන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා

උදාහරණක් විදියට අපි එදිනෙදා දුරකතනය භාවිතා කරද්දි අපිට නොදැනුවත්වම අපේ මුදල් අපතේයන ඕනෑ තරම් අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථා හඳුනාගෙන ඒ දේවල් හරි විදියට කළමණාකරණය කරගන්න පුළුවන්නම් මාසයක් යද්දි ඔබ හිතුවෙවත් නැති විදියට ලොකු මුදලක් ඉතිරිකරගන්න ඔබට පුළුවන්.

මේ විදියට දුරකත ගාස්තු ඉතිරිකරගන්න පුළුවන් සාර්ථකම ක්‍රමවේද මොනවද කියලා අපි හොයලා බැලුවා. එහිදී ගොඩක් දෙනා තම ස්මාර්ට් ජංගම දුරකතන හරහා අන්තර්ජාලය භාවිතා කරද්දි නොදැනුවත්වම Data අධික ලෙස වැයවන බව සඳහන් කළා.

විශේෂයෙන්ම ජංගම දුරකතන හරහා අන්තර්ජාල සම්බන්ධතාවයන් භාවිතා කිරීමේදී අඩු ගාස්තු සහිත ඔබට ගැලපෙනම දුරකතන පැකේජයක් තෝරා ගැනීම වගේම දුරකතනයෙහි ඇති උපරිම වැය අගය (Credit Limit) ඔබට උචිත ආකාරයට සකස්කර ගැනීම තුලින් ඔබට විශාල ඉතිරියක් ලබා ගන්න පුළුවන්.

ඒ වගේම දුරකත ඇමතුම් ලබා ගැනීමේදී හැකි සෑම අවස්ථාවකදීම Whatsapp, Viber වැනි සමාජ ජාලා හරහා ඇමතුම් ලබා ගැනීමෙන් ඔබට මුදල් ඉතිරි කරගන්න පුළුවන්. මේ විදියට අපි ඔබට කිවුවේ දුරකතන ගාස්ත කරගන්න පුළුවන් ක්‍රමවේදයන් රැසක් අතුරින් කිහිපයක් විතරයි. මේ වගේ වටිනා කරුණු කාරණා රැසක් ඇතුලත් වටිනා ඉලෙක්ට්‍රොනික් පොතත් (E-Book) NDB බැංකුව විසින් ඔබට නොමිලේම පහතින් ලබා ගන්න පුළුවන්.

ඉතිරි කිරීම ගැන දන්න නොදන්න හැම දෙනාටම ඉතිරි කිරීම ගැන වෙනස් විදියකින් අධ්‍යයනය කරන්න පුළුවන් මේ වටිනා පොත භාවිතා කිරීම තුලින් ඔබේ සාර්ථකත්වය ඔබටම වටහා ගන්න පුළුවන්. ඒ වගේම මෙම පොතෙන් ඔබ ලබාගත් දැනුම පිළිබඳව සටහන් කරන්නත් ඉඩකඩ තියෙනවා. ඒ අතරෙම මේ පොත භාවිතා කරන ගමන් ඔබේ මිතුරන්වත් ඒ ගැන දැනුවත් කරලා  ඔවුන් සමඟ ඉතිරි කිරීමේ වටිනාකමේ අත්දැකීම් බෙදාහදා ගන්න ඔබට අවස්ථාව ලැබෙනවා.

ඒ වගේම ඉතිරිකිරීම ගැන දැනගන්න ආසාවෙන් ඉන්න හැම කෙනෙක්ටම මේ පොත පිළිගන්වන්නත් අමතක කරන්නත් එපා.
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive