Saturday 17 November 2018

ඒ මිරිස් නෙවෙයි කොකාකෝලා


පාර්ලිමේන්තුවේදී ඊයේ දින එල්ල වූ මිරිස්කුඩු දිය කළ ජල ප්‍රහාරය ගැන බොහෝ දෙනා කණස්සල්ල පළ කර තිබුණි. උත්තරීතර පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානි කරමින් එජනිස මන්ත්‍රී ප්‍රසන්න රණවීර කළ මෙම 
ක්‍රියාව හෙළා දැක තිබුණි. මෙම ප්‍රහාරය විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් නොව කතානායකවරයා ආරක්ෂා කරන්නට පැමිණි පාර්ලිමේන්තු පොලිස් නිලධාරීන්ටද එල්ලවූ අතර ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ප්‍රහාරය ඉවසමින් රාජකාරී කරනු දක්නට ලැබුණි. ජලය පිරවු බෝතලයකට මිරිස් කුඩු මිශ්‍ර කර එල්ල කළ ප්‍රහාරයම්බන්ධයෙන් එස්බී දිසානායක පවසන්නේ ඒවා මිරිස්කුඩු ජලය නොවන බවයි. එල්ල වී ඇති දියරය කොකාකෝලා සහ ලෙමනේඩ් බව ඔහු පවසයි.

'කවුද කියන්නේ එවයෙ තිබුනෙ මිරිස් කියලා.. ඒ කොකාකෝලායි ලෙමනේඩුයි මිශ්‍ර කරපු දියර වගයක්නෙ..'

කෙසේ වෙතත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමට ගිය ගාමිනී ජයවික්‍රම පෙරේරා සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන්ගේ මිරිස් සැර සහිත ඇඳුම් වෙනුවට වෙනත් ඇදුම් ලබාදීමටත් හා  පෙරේරා මහතාගේ ඇස්වල මිරිස්කුඩු ඉවත්කිරීමට කටයුතු යෙදීමටත් සිදුවූ බව පාර්ලිමේන්තු වෛද්‍ය ඒකකය දන්වා තිබුණි.

විජිත හේරත් මන්ත්‍රීවරයාට මිරිස් කුඩු ප්‍රහාරයෙන් එතරම් හානියක් සිදු නොවූ නමුත් විශාල පොතකින් නළලට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් ඔහුට ප්ලාස්ටරයක් දවටා සිටින්නට සිදුවිය.
මෙම ප්‍රහාර නිසා පාර්ලිමේන්තු පොලිස් නිලධාරීන් 12 දෙනෙකුද වෛද්‍ය ප්‍රතිකාර ලැබූ බව වාර්තා විය.
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive