Tuesday 20 November 2018

ජනාධිපතිවරණයේදී අපේ අපේක්ෂකයා මෛත්‍රිපාල වෙන්න පුළුවන්


මේ දිනවල සිදුවන දේශපාලන ව්‍යාකූලතා මත තවදුරටත් ස්ථාවර ආණ්ඩු බලයක් දැරීමට කවර පක්ෂයකට හෝ හැකියාවක් නොමැති බව දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහසයි. ඒ අනුව ඉතාම ඉක්මණින් මැතිවරණ වලට යාමේ ඉඩ කඩ පවතින අතර 
නීතියට අනුව ඉක්මණින් පවත්වන්නට හැකියාව ඇත්තේ ජනාධිපතිවරණයයි. එය 2019 ජනවාරි 9 න් පසු කැඳවන්නට ව්‍යවස්ථානුකූල හැකියාව පවතියි. මහමැතිවරණයකට යන්නට නම් 7 වනදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත පාර්ලිමේන්තු විසුරවීමේ ජනපති තීරණය අනුමතවීම හෝ පාර්ලිමේන්තුවේ විසර්ජන පනත අනුමත නොවීම හෝ 2/3 බලයක අනුමැතියකින් පාර්ලිමේන්තුව විසුරවීම සිදුවිය යුතුය.

කෙසේ වෙතත් ජනපති මෛත්‍රී හෝ අගමැති මහින්ද ඉක්මන් ජනපතිවරණයකට උනන්දුදැයි සැකසහිතය. මින් ඉහත වාර්තාවන් මගින් කියැවුනේ මෛත්‍රී - මහින්ද තව අවුරුද්දක් නොඉවසා ඉක්මණීන් මෙලෙස එකමුතුවූයේ මෛත්‍රීගේ මැදිහත්වීමෙන් විශේෂ අධිකරණ මගින් භයානක ප්‍රතිඵල අත්කරදෙන්නට ඉඩ තිබෙන මහින්දගේ නඩු ටික බේරාදීමත් එයට හරියන්නට මහින්ද ඉදිරි සන්ධාන ජනපති අපේක්ෂකත්වය මෛත්‍රිට ලබාදීම යන ගනුදෙනුවක් ලෙසය.19 සංශෝධනය අනුව මහින්දට නැවත ජනපති තරගයට එන්නට නොහැකිවීම මත මෙහිදී අගමැති ධූරයෙන් නැවත සෑහීමකට පත්වන්නට සිදුවනු ඇත.

ඒඅනුව 2020 ගෝඨාභය ජනපති කරවීමේ වැඩසටහන ප්‍රචාරයක් පමණක් බවට පත්ව තිබේ.

දැන් දැන් ජනපති අපේක්ෂකයා පිළිබඳ දේශපාලන පක්ෂ උනන්දුවෙන් කථාකරන අතර එජාපය විශේෂ පුද්ගලයෙකු පොදු අපේක්ෂකයෙකු ලෙස නම් කිරීමේ සූදානමක පසුවේ. මේ අතර නාමල් රාජපක්ෂ සමග සාකච්ඡාවකදී සන්ධානයේ ජනපති අපේක්ෂකත්වය ලබාදෙන්නේ මෛත්‍රිපාල සිරිසේනටදැයි කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ,

'තව කල් තියනවානේ..අපි එතුමත් එක්ක සාකච්ඡා කරනවා. මේ වෙනකොට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමායි අපියි අතරේ හොඳ සම්බන්ධයක් තියනවා.අපි ඒ පිළිබඳව මැතිවරණය ආවම කථා කරමු. ' ලෙසිනි.
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive