Tuesday 13 November 2018

ජපානයේ සිටින විදෙස් ශ්‍රමිකයන්ට එරට ස්ථිර පදිංචිය


ජපානයේ වෘත්තීය රැකියා සඳහා යොමුවන ඉහළ මට්ටමේ කුසලතා සහිත විදේශ ශ්‍රමිකයන්ට එරට ස්ථිර පදිංචිය ලබාදීමට ජපන් රජය තීරණය කර තිබිණි. කාණ්ඩ දෙකක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර 
පළමු කාණ්ඩය සඳහා වසර 3ක තාක්ෂණික පුහුණුව හා ජපන් භාෂාව හදාරා තිබීම අවශ්‍ය වන අතර ඔවුන් සඳහා වසර 03ක තාක්ෂණික වීසා කාලයක් ලබාදීමට නියමිතය.

වසර පහක වීසා කාලයක් හිමි වූ ශ්‍රමිකයන්ට වසර 10ක් දක්වා එරට සේවය කිරීමට සැලසෙන බවද ශ්‍රී ලංකං විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

සාන්තු සේවක, කෘෂි, හෙද, ආහාරපාන, නිෂ්පාදනය, ඉදිකිරීම්, නැව් බඩුකරණය සහ නැව් යක්‍රෝපකරණ, ආගන්තුක සත්කාරය, ආහාර සේවා. ධීවර කර්මාන්තය. නිෂ්පාදන කර්මාන්තශාලා, විද්‍යුත් සහ විදුලි උපකරණවලට අදාළ කර්මාන්ත, වාහන නඩත්තු කිරීම සහ ගුවන් සේවා වැනි රැකියා සඳහා ජපන් රජය මේම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත.

දෙවන කාණ්ඩය යටතේ වන ශ්‍රමිකයන්ට ජපානයේ ස්ථිර නේවාසික පහසුකම් ලබාදෙන අතර ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට ද එරට රැඳී සිටීමට අවස්ථාව ද සැලසෙන බව ශ්‍රී ලංකා විදේශ සේව්වා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

(Ref:https://www.gossiplankanews.com/2018/11/japan-visa.html )

Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive