Tuesday 13 November 2018

චාමර වීරසිංහ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් ඉවත්වුන හේතුව මෙන්න !

 ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩාවමෙන් ඉවත්වීම පිළිබඳව පසුගිය දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වුුනා. කොහොම වුනත් මේ සම්බන්ධයෙන් චාමර වීරසිංහ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා තිබුනේ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පියකු ලෙස කටයුතු නොකරන බවත් සංවිධායක මණ්ඩල විසින් ලැබෙන ආරාධනා මත පදනම්ව පමණක් පර්පල් රේන්ජ් සමග ගීත ගායන කරන බවත්ය.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් චාමර වීරසිංහ සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්.

මුලින්ම මම මතක් කරන්න කැමතියි සේනක අයිය ඇතුලු පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම ආරම්භයේ සිට මේ දක්වා සිටි සියලුම ශිල්පීන් මට මෙතෙක් දුර එන්නට ශක්තියක් උනා කියනඑක. නායකකමට එහාගිය නිහතමානී සහෝදරකම සේනක අයියතුල මම හැමදාම දැක්ක නිසයි සමහර අවස්ථාවල හිත් රිදීම් ඇතිඋනත් කණ්ඩායම සමග ඉදිරියට ආවේ.ඒත් එකදිගට සිද්දවෙන යම් යම් සිදුවීම් නිසයි මම මේ තීරණය ගන්න සූදානම් උනේ.

ඇතැම් ප්‍රසංග සඳහා මම දැනුවත් නොකරම මගේ ජායාරූපය යොදා ප්‍රසංග පවත්වද්දී මා බලාපොරොත්තුව පැමිණෙන රසිකයින් මම ඒ ප්‍රසංගයට නොපැමිණීම හේතුවෙන් මට දුරකථන ඇමතුම් ලබා දී “චාමර ඇයි ෂෝ වලට පොලු තියෙන්නේ චාමර කැත වැඩ කරන්න එපා”මේ වගේ ගොඩක් දේවල් මට අහන්නට උනා.

ඒත් ඒ දේවල් ඉවසගෙන මම දැනුවත් කල ප්‍රසංග සඳහා පමණක් පර්පල් රේන්ජ් සමග මම ගීත ගායනා කලා. ඒ අවස්ථාවලදී ඒ වරද මා පිටට පැටවෙන්නේ මා දැනුවත් නොකර මගේ පින්තූර යොදා ප්‍රාසංග පැවැත්වූ වග රසිකයන් නොදන්න නිසයි.

ඒ වගේම කියන්න ඕන යම් යම් හේතු සාදක නිසා පර්පල් රේන්ජ් තුලින් ඉවත්වගිය කිසිවකු නිසා මා මේ තීරණය නොගත් බවත්.

මින්පසු මා පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පියකු ලෙස කටයුතු නොකරන බවත් සංවිධායක මණ්ඩල විසින් ලැබෙන ආරාධනා මත පදනම්ව පමණක් පර්පල් රේන්ජ් සමග ගීත ගායන කරන බව ආදරණීය රසික ඔබ සැම දැනුවත් කරන්න කැමතියි. හිත් රිදීමක් උනනාම් හැමොගෙන්ම හිස නමා සමාව ඉල්ලනවා. තෙරුවන්සරණයි.


Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive