Wednesday 14 November 2018

20-20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය: චමරි අතපත්තු "දැඩි අවධානය යොමු කළ යුතු" අතරට


විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය නොවැම්බර් 9 වන දින බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී ආරම්භ වේ.

මෙම තරගාවලියට ක්‍රීඩා කරන රටවල් නියෝජනය කරන ක්‍රීඩිකාවන් අතරින් දැඩි අවධානයක් යොමු කළ යුතු ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් හිටපු එංගලන්ත ක්‍රීඩිකාවක වන එබනි රේන්ෆෝර්ඩ් බ්‍රෙන්ට් අදහස් දක්වා තිබේ.

ඇය නම් කර ඇති එම ක්‍රීඩිකාවන් අතර මුලින් ම සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පිළිබඳවය.

"ඇය ඔබව පරාජයට පත් කළ හැකි දරුණු වමත් පිතිකාරිනියක්. ඇය කෙරෙහි ගොඩක් විමසිලිමත් වන්න" එබනි පවසා තිබේ.

"ඇය පසුගිය වසරේ එංගලන්තයේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 178ක් රැස් කළා. ඊට අමතරව Big Bash සහ Super League වැනි ක්‍රිකට් තරගාවලිවලට සහභාගි වුණා"
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive