Wednesday 14 November 2018

මියගිය පෙම්වතා සමග විවාහවූ කාන්තාව: ගුවන් අනතුරෙන් පෙම්වතා අහිමි වූ කතක් ප්‍රේමය වෙනුවෙන් කළ දේ


සිය මංගල උත්සවයට සහභාගි වීම සඳහා පැමිණෙමින් සිටියදී මුහුදට කඩා වැටුණු Lion Air ගුවන් යානයේ සිට මිය ගිය මගියෙකුගේ පෙම්වතිය තනිව සිය මංගල්‍යය පවත්වා එහි ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබේ.

ඉන්ටන් ස්‍යාරී (Intan Syari) නමැති එම තරුණිය සහ ගුවන් අනතුරින් මිය ගිය රියෝ නන්ද ප්‍රාටමා (Rio Nanda Pratama) විවාහ වීමට නියමිතව තිබුණේ, නොවැම්බර් 11 වන දාය.

එහෙත්, එම මංගල උත්සවයට සහභාගි වීම සඳහා පැමිණෙමින් සිටියදී ගුවන් යානය කඩා වැටීමෙන් ඔක්තෝබර් 29 වන දා රියෝ නන්දා ප්‍රාටමා ජීවිතක්ෂයට පත් විය.

ඔහුගේ පෙම්වතිය වූ සයිරී ප්‍රකාශ කළේ, සිය පෙම්වතාගේ අවසන් කැමැත්ත ඉටු කිරීමට තමන්ට අවශ්‍ය වූ බවය. ඒ අනුව, ඇය සුදු පැහැති ගවුමකින් සැරසී මංගල මුදුව පැළඳ ඡායාරූපවලට පෙනී සිටියාය.
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive