Tuesday 13 November 2018

දිල්හාර ලොකුහෙට්ටිගේ‍ ක්‍රිකට් මැච් ෆික්සින් වරදකට හසුවේ



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T10 Cricket League තරගාවලියේදී මුදලට තරග පාවාදීමේ චෝදනාවන්ට හසුවීම නිසා දූෂණ වරදක 
සැකකරුවෙකු බවට පත්ව ඇත.

අයිසීසී අධීක්ෂණය යටතේ Emirates Cricket Board මගින් මෙම පරීක්ෂණය සිදු කළ අතර එහිදී දිල්හාර එහි විනය නීති 3 ක් උල්ලංඝනය කර ඇති බව ඔප්පුවී තිබේ.මෙම වැරදි සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීමට දිල්හාරට මෙම මස 13 සිට සති 2 ක කාලයක් ලබාදී ඇති අතර ඉන්පසු ඔහු සම්බන්ධ තීන්දුවක් ගනු ඇති බව ක්‍රික් ඉන්ෆො වාර්තා කර තිබේ. 
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive