Wednesday 14 November 2018

මත්පැන් පානය කර ඇතැයි තහවුරු වූ ඉන්දීය ගුවන් නියමුවෙකුගේ වැඩ තහනම්


මත්පැන් පානය කර සිටි බවට තහවුරු වීම හේතුවෙන් ඉන්දියාවේ පළපුරුදු ගුවන් නියමුවෙකුගේ සේවය අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා ආයතනය පියවර ගෙන තිබේ.

ඉන්දීය ජාතික ගුවන් සේවය වූ Air India ගුවන් සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළ කපිතාන් අර්වින්ද් කත්පාලියා (Arvind Kathpalia) නමැති එම ගුවන් නියමුවා, දිල්ලි සිට ලන්ඩන් දක්වා ඉරිදා (11) පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයේ නියමුවා ලෙස යොදා තිබිණි.

කෙසේ වෙතත්, ඔහු සම්බන්ධයෙන් කළ මත්පැන් පරීක්ෂාවෙන් අසමත් වීම නිසා වෙනත් ගුවන් නියමුවෙකු යොදවා එම ගුවන් යානය පියාසර කරවා තිබේ.කපිතාන් අර්වින්ද් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

එහෙත්, ඉන්දීය සිවිල් ගුවන් සේවා ආයතනයේ බලධාරීන් පවසන්නේ, ඔහු පසුගිය වසරේදී ද මෙම චෝදනාව යටතේ මාස 3 ක වැඩ තහනමකට ලක්වූ බවය.

"නොවැම්බර් 11 වන දා ඉඳලා මාස 3 කට ඔහුගේ ගුවන් නියමු බලපත්‍රයේ වරප්‍රසාද අත්හුටවූවා," ඉන්දීය සිවිල් ගුවන් සේවා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.


මේ අතර, කපිතාන් කත්පාලියා ප්‍රකාශ කළේ, Air India සමාගමේ අභ්‍යන්තර ගැටුම්වල වින්දිතයෙකු බවට තමන් පත්ව සිටින අතර පරීක්ෂණයේ ප්‍රතිඵලවලට තමන් අභියෝග කරන බවය. ඉන්දීය සිවිල් ගුවන් සේවා නීති අනුව ගුවන් යානයක් පියාසර කරවීමට පැය 12 ක කාලයක් ඇතුළත මත්පැන් පානය තහනම් වන අතර මත්පැන් පරීක්ෂාව අනිවාර්ය කර තිබේ.

මේ අතර, පසුගිය ජනවාරි මාසයේදී නියමු කුටිය තුළ ගැටුමක් ඇති කර ගත් නියමුවෙකුගේ සහ නියමුවරියකගේ බලපත්‍ර වසර 5කට අත්හිටුවන ලදී.
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive