පිරිමි සිරකරුවන් රඳවා සිටින බන්ධනාගාරයක සේවය කිරීමට කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් අකමැති වන්නට පුළුවන. එහෙත්, පිරිමි සිරකරුවන් රඳවා සිටින බන්ධනාගාරවල සේවය කිරීමට කැමති සුවිශේෂී කාන්තාවන් තිදෙනෙකු පිළිබඳව එංගලන්තයෙන් වාර්තා වේ.
බන්ධනාගාර රැසක ව්‍යාප්ත වී පවතින මත්ද්‍රව්‍ය සහ ප්රචණ්ඩත්වය වැනි ගැටලු හේතුවෙන් එංගලන්තයේ සහ වේල්ස්හි බන්ධනාගාර සේවාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. එහෙත්, පිරිමි පමණක් රඳවා සිටින බන්ධනාගාරවල සේවය කිරීමට අවශ්‍ය එංගලන්තයේ කාන්තාවන් තිදෙනෙක් සිය කැමැත්ත පිළිබඳව අදහස් දැක්වූහ.
ශ්‍යාමේන්
ශ්යාමේන්ගේ අත දිගට විශාලව පෙනෙන පරිදි "misunderstood" යනුවෙන් පච්චයක් ඇඳ තිබේ.එය ඇයගේ ඝාතනයට ලක්වූ මිතුරියක සිහි වීම සඳහා සිතුවම් කර ගත්තකි. ඇයගේ එකී මිතුරිය ද එම පච්චය ම සිතුවම් කරගෙන සිට ඇත.
"මට හරියට ම කියන්න බෑ ඒකෙන් අදහස් කරන්නෙ මොකක් ද කියලා," ශ්‍යාමේන් කීය. "සමහර අය කියනව, ඒක සින්දුවක වචනයක් කියල. ඒත් මං හිතන්නේ, මගේ මිතුරිය තමන්ව දැකපු ආකාරය ඒ මගින් කියවෙනව කියලා."
"අපි සියලු දේවල් කළේ එකට. මගේ ලෝකය වුණේ ඇය"
'වෙනසක් කරන්න'
ශ්යාමේන්ට සිය නව රැකියාව කිරීම සඳහා උත්තේජනයක් වී ඇත්තේ, එම පච්චය යි. ඇය ඒ අනුව බන්ධනාගාර නිලධාරිනියක වූවාය."මගේ මිතුරියගේ මරණයෙන් පස්සෙ මට හිත හදා ගන්න සෑහෙන කාලයක් ගත වුණා. ඒත් මගේ අම්මා කිව්ව හැමෝට ම දෙවන අවස්ථාවක් හිමි වන බව. මගේ මිතුරිය ඝාතනය කරපු කෙනාට වෛර කරන එක හැරෙන්නට වෙන කිසි දෙයක් තිබුණෙ නෑ මගේ හිතේ. ඒත් අවුරුද්දකට විතර පස්සෙ මම අම්මා කියපු දේ ගැන හිතන්න පටන් ගත්තා. ඒ අනුව මම තීරණය කළා වෙනස් දෙයක් කරන්න." "ඒ නිසයි මම බන්ධනාගාර නිලධාරිනියක් වුණේ," ඇය පැවසුවාය.
මෙම ලිපිය සැකසූ බීබීසී මාධ්‍යවේදිනියට ශ්‍යාමේන් හමුවී ඇත්තේ, බන්ධනාගාර නිලධාරිනියක ලෙස වෝරික්ෂයර්හි (Warwickshire) ප්‍රාන්තයේ පුහුණුව ලබමින් සිටියදීය. ඇය 50 හැවිරිදි මවක පමණක් නොව මිත්තණියක ද වේ. වෘත්තියෙන් ඇය චිත්‍ර ශිල්පිනියක සහ ගොඩනැගිලි අලංකරණ ශිල්පිනියක ලෙස සේවය කර ඇත. ඇය පවසන්නේ, තමන් මෙම අභියෝගය භාර ගැනීමට සූදානම් බවය.
එසේ ම සිය පෞද්ගලික අත්දැකීම් ද භාවිත කර බන්ධනාගාර රැඳවියන්ගේ ප්රචණ්ඩත්වය සහ විවිධ අභියෝගවලට මුහුණ දීමට ආත්ම විශ්වාසයක් පවතින බව ඇය පවසයි.ශ්‍යාමේන් අපරාධයකට ලක්වූ වින්දිතයෙකි. එසේම ඇය අසම්මත සබඳතාවක පැටලී සිට ඉන් අසරණ වූ කාන්තාවකි. එසේ වුව ද ඇය සිතන්නේ, බන්ධනාගාරය දඬුවමකට වඩා පුනරුත්ථාපනය සඳහා වන ස්ථානයක් බවට පත් කළ යුතු බවය.
"මුලින් ම බන්ධනාගාරයට එන තරුණයින්ට එතන පීඩාකාරී තැනක්. ඒ වගේ අයට අම්මා කෙනෙක් වගේ බලාගන්න කෙනෙක් ඉන්න ඕන."
සැලී සහ කැලිප්සෝ
ශ්‍යාමේන් සමග බන්ධනාගාර පුහුණුව ලබන අනෙක් කාන්තාවන් දෙදෙනා වන්නේ, 49 හැවිරිදි සැලී සහ 24 හැවිරිදි කැලිප්සෝ ය.සැලී බැංකුවක සහ ප්‍රාදේශීය රාජ්‍ය පරිපාලන ආයතනයක සේවය කර තිබේ. විවෘත විශ්වවිද්‍යාලයක අධිකරණ මනෝවිද්‍යාව පිළිබඳ උපාධියක් හදාරන කැලිප්සෝ අවන්හලක සේවය කළාය.
ඔවුන්ගේ සමස්ත පුහුණු කාලය සති 12 කි.
ශ්‍යාමේන්, සැලී සහ කැලිප්සෝ සිය නව රැකියාව ආරම්භ කරනුයේ, බන්ධනාගාර සේවය දැඩි අර්බුදකාරී තත්ත්වයක පවතින අවස්ථාවකය.
සිරකරුවන් අතර ලිංගික බලහත්කාරකම්, ප්‍රචණ්ඩක්‍රියා සහ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බවට සාක්ෂි පවතී. මෙම අර්බුදයට හේතු වී ඇත්තේ, බන්ධනාගාර නිලධාරීන් සේවය හැර යාම ඉහළ ගොස් තිබීම හේතුවෙනි. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා බන්ධනාගාර නිලධාරීන් 2500 දෙනෙකු පුහුණු කිරීම ආරම්භ කර තිබේ. නවතම සංඛ්‍යා ලේඛන අනුව, එංගලන්තයේ සහ වේල්ස්හි බන්ධනාගාර නිලධාරීන් 48000 ක් පමණ සේවය කරන අතර ඉන් 1/4 ක ප්‍රමාණයක් කාන්තාවන්ය.
"මේක අවදානමක්"
අභියෝග පැවතිය ද, ඔවුහු සිය රැකියාවේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ධනාත්මක චින්තනයක පසුවෙති."මේක ලෙහෙසි රැකියාවක් නෙවෙයි. බන්ධනාගාරයේ තියෙන පුනරුත්ථාපන සංස්කෘතිය ගැන මට යම් චකිතයක් තියෙනවා. ඒක අභියෝගයක්. ඒත් ඒ වගේ අභියෝග මට ලැබෙන අවස්ථාවන් ලෙසයි මම හිතන්නේ," සැලී පවසයි.
"මේක අවදානමක්. ඒත් මිනිසුන් සමග ගනුදෙනු කිරීමට මට තියෙන හැකියාව නිසා ඒක මට අමාරු දෙයක් වෙන එකක් නෑ. ශරීරයෙන් කොතරම් විශාල ද, කොතරම් සැර පරුෂ ද කියන එක වැදගත් නෑ. මට එක පුද්ගලයෙකුට උදව් කරන්න පුළුවන් වුණොත් මගේ රැකියාව හොඳින් කළා කියල සතුටු වෙන්න පුළුවන්," කැලිප්සෝ පැවසුවාය.
0 comments:
Post a Comment