Tuesday 13 November 2018

මහින්ද ඇතුළු ආණ්ඩු පක්ෂය අද පාර්ලිමේන්තු එයිද..? තීරණය මෙන්න..!

14th Nov 2018



අද (14) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහ පක්ෂ නායක රැස්වීමට ආණ්ඩු පක්ෂය සහභාගී වන බව කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. අප කළ විමසීමක දී අමාත්‍යවරයා ඒ පිළිබඳ සඳහන් කර සිටියා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එයට සහභාගී වන බව කියා සිටි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට පැමිණෙන්නේදැයි මේ මොහොතේ නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකි බවයි
මේ අතර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසන්නේ ඊයේ ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තම නීතිඥයින් විසින් තවදුරටත් අධ්‍යනය කරන බවයි.
මේ පිළිබඳව අදහස් දක්වන අමාත්‍ය විමල් වීරවංස මහතා සඳහන් කරන්නේ කථානායක කරු ජයසූරිය මහතාට පාර්ලිමේන්තුව කැඳවීමේ නීතිමය තත්ත්වයක් නොමැති බවයි.

(Ref: http://nethgossip.lk/article/32539 )
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive