Wednesday 14 November 2018

වහාම ජනාධිපතිවරණයකට සූදානම්වන්න-පාඨලී චම්පික රණවක ජනපතිගෙන් ඉල්ලයි


එළඹෙන වසරේ ජනවාරී 08  වැනිදායින් පසු ජනාධිපති  මෛත්‍රීපාල සිරීසේන මහතාට  ජනාධිපතිවරණයක් කැදවිය හැකි බවත්, ඒ අනුව වහාම  ජනාධිපතිවරණයට යොමුවන  ලෙසත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික  රණවක මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී ඊයේ (14දා) අදහස්  දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

මහින්ද රාජපක්‍ෂ මහතා සහ කැබිනට් මණ්ඩලය බල රහිත වූ බවත්, ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනවලට එරෙහිව බහුතරය ජන්දය භාවිත කළ බවත් ඔහු පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා,

"ජනාධිපතිතුමාගෙන් බොහෝම ඕනකමින් ඉල්ලනවා මුරණ්ඩු, හිතුවක්කාරීව, තවදුරටත් මේ රටත්, තමන්ගේ අනාගතයත්, දරුවන්ගේ අනාගතයත් අනතුරේ දාන් නැතිව නව අගමැතිවරයෙක් පත්කර ගැනීමට පාර්ලිමේන්තු බහුතරයෙන් කටයුතු කරන්න. තමන්ගේ බලය තවදුරටත් අනිසි හා නීතිවිරෝධී ලෙස පාවිච්චි කරන්නේ නැතිව නීතිගරුක ආකාරයට මැතිවරණ හරහා ජනමතය බලන්න” යැයි ප්‍රකාශ කළේය.

(Gossip Lanka News)
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive