Wednesday 14 November 2018

අගමැති ඇතුළු ආණ්ඩුවේ සියලු තනතුරු පිළිනොගන්නා බව කථානායක කියයි

ඊයේ (14) පාර්ලිමේන්තුවේදී පැවති විශ්වාසභංගයෙන් අගමැති වයා ඇතුළු ආණ්ඩුව පරාජයට පත්වීම හේතුවෙන් මෙතෙක් අගමැතිවරයෙකු පත් කර නැති බැවින් එසේ පත් කරන තුරු මහින්ද රාජපක්ෂ මහතා 
පාර්ලිමේන්තුව තුළ අගමැතිවරයා ලෙස පිළි නොගන්නා බවත් වත්මන් සියලු අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද තමන් පිළි නොගන්නා බවත් කථානායක කරූ ජයසූරිය මහතා අද (15) පාර්ලිමේන්තුවේදී නිවේදය කළේ ය.
අද උදෑසන පාර්ලිමේන්තුව රැස්වුණ අවස්ථාවේ පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව පැවසීය.
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive